Thursday, August 30, 2012

විවාහය - 1

අපි කවුරුත් කවද හෝ විවාහයක් කරගන්නවා (බොහෝවිට ) විවාහය කියන්නේ දෙන්නෙකුගේ එක්වීමක් උනත් එකට නීතිමය බැදීමක් තිබිය යුතුයි එතකොට තමයි අද ලංකාවේ සමාජයේ අබුසමියන් දෙදෙනෙකුගේ එක වීම පිළිගන්නේ. පිටරටවල විවාහ නොවී එකට ජෙවත් වීම තිබුනත් ලංකාවේ එහෙම දෙයක් සමාජයෙන් පිළිගන්නේ නෑ. නමුත් නීතියෙන් එයට කිසිම තහනමක් නෑ (දෙදෙනාම අවු.18 ට වැඩිනම් )

ලංකාවේ වලංගු විවාහයක් කරගත හැකි ක්‍රම 5 කි 
  • සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පනත යටතේ විවාහ වීම 
  • උඩරට නිතිය යටතේ විවාහ වීම
  • මුස්ලිම් නිතිය යටතේ විවාහ වීම 
  • හැසිරීමෙන්, ප්‍රසිද්දියේ අඹුසැමියන් ලෙස ජිවත් වීම නිසා විවාහයන් පිළිගනිම 
  • චාරිත්රනුකුලව කරන විවාහ .
සාමාන්‍ය විවාහ 

සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විවාහ ලේකම් වරයකු හෝ ක්‍රිස්තියානි පුජකවරයකු විසින් විවාහයක් ලියාපදිංචි කරනු ලැබේ.මෙහෙදී සාක්ෂිකරුවන් දෙදෙනකු ද අත්සන් කලයුතුය .

නියමිත කාර්ය පටිපාටිය නම් .විවාහ වීමට අදාල පාර්ශවයන් විවාහයට පෙර එය අදාල විවාහ ලේඛම්වරයා වෙත දැනුම් දිය යුතුය. එය විවාහ ලේඛම් වරයා දැන්වීම පොතේ ඇතුලත් කර දින 12 එම දැන්වීම කාර්යාලයේ ප්‍රසිද්ද කල යුතුය . එම කාලය තුල බාලවයස්කරුවකු සම්බන්දයෙන් විවාහයක් නම් ,බලවයස්කරුගේ භාරකරුට මේ පිලිබදව විරිධතාවක් ඉදිරිපත් කල හැක. ඒ හැර එම කාලය තුල විරෝධතාවක් කෙවියට් තහනමක් මගින් ඉදිරිපත් කල හැක .එවැනි අවස්ථාවක විවාහ ලේකම් වරයා විසින් එම විරිධතව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

දින 12 කට පසු (විවාහ දැන්වීම ප්‍රදර්ශනය කර) විරෝධතාවක් ඉදිරිපත් නොවේ නම් විවාහ ලේඛම් වරයා විසින් විවාහ දැන්වීම දුන් තැනැත්තාට විවාහ ලේඛම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ .
විරෝධතාවයන් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එවිටද විවාහය පිළිබද දැනුම් දුන් තනතට සහතිකය නිකුත් කරනු ලැබේ.
 විවාහ ලේකම් වරයා විසින් සහතිකය නිකුත් කල පසු විවාහය ලියාපදිංචි කල හැකිය .
විවාහ ලේකම් වරයා විසින් ස්වකිය කාර්යාලයේදී හෝ වෙනත් බලයලත් ස්ථානයකදී විවාහය ලියාපදිංචි කල හැක .

ක්‍රිස්තියානු විවාහයකදී  (පල්ලියේ ) චාරිත්‍ර අවසානයේදී පුජකවරයා විසින් විවාහය ලියාපදිංචි කරයි. එම සටහනේ අනු පිටපතක් විවාහ ලේඛම් වරයා වෙත යවයි .

විශේෂ බලපත්‍රයක් මත විවාහ වීම 

මෙහිදී විවාහ ලේඛම්වරයාගේ විශේෂ අවසරයක් මත විවාහයක් සිදු කල හැක. දින 14 කට පෙර දැන්වීම භාරදෙම අවශ්‍ය නොවේ.

උඩරට නිතිය යටතේ විවාහ වීම 

1952/44 දරන උඩරට විවාහ හා දික්කසාද පනතේ උඩරට නිතිය අන්තර්ගත කර ඇත.වර්තමානයේ උඩරට විවාහයක් ලියාපදිංචි කල හැක්කේ උඩරට ප්‍රදේශ තුල පමණි. උඩරට වැසියකුට උඩරට නිතිය යටතේ හෝ සාමාන්‍ය නිතිය යටතේ විවාහ වීමට අවස්ථාවක් ඇත .

උඩරට නිතිය යටතේ විවාහ වර්ග දෙකක් ඇත :- බින්න විවාහ හා දීග විවාහ .විවාහය ලියාපදිංචි කිරීමේදී එය කුමන වර්ගයේ විවාහයක් දැයි සටහන් කෙරේ .

දීග විවාහය :- මෙහදී සැමියා බිරිදව තම නිවසට කැදවාගෙන යයි.සැමියාගේ නිවසේ විවාහක නිවාස පිහිටුවා ගනී . මෙහිදී බිරිද ගෙන ආ දෑවැද්ද සම්බන්ධයෙන් හෝ විවාහයෙන් පසුව ඇය විසින් ස්වාධීනව උපයාගත් දේ සම්බන්ධයෙන් සැමියාට බලයක් නැත. එහෙත් සැමියා මියගිය හොත් පවුලේ යහපත හා නඩත්තුව සදහා සැමියාගේ දේපල පරිහරණය හෝ පාලනය කිරීමේ අයිතිය බිරිදට ඇත.

බින්න විවාහය:- මෙහිදී සැමියා බිරිදගේ නිවසේ පදිංචි වේ .(මෙවැනි විවාහ සිදුකරන්නේ පුතුන් අඩු හා දේපල හිමි පවුල් වල දේපල පිටතට යාම වැලක් වීමටයි ) මෙහිදී බිරිදගේ නිවාස තුල සැමියාට කිසිම වරප්‍රසාදයක් හිමි නොවේ.

මුස්ලිම් ක්‍රමයට විවාහයක් සිදු කිරීම 

ඉස්ලාම් ආගම අදහන ඇය අතර මෙම විවාහ සිදු කෙරේ . 1951/13 දරන ම්මුස්ලිම් විවාහ හා දිකසද ආඥා පනත යටතේ මුස්ලිම් විවාහයක් අනිවාර්යෙන්ම ලියාපදිංචි කල යුතුය. එය කාති(quathi ) විසින් සිදු කරයි. විවාහය ලියාපදිංචි කිරීමට ප්‍රථම "නිකා" නමැති චාරිත්‍රය ඉටු කරනු ලැබේ.

මුස්ලින් නිතිය යටතේ මුස්ලිම් පුද්ගලයකුට විවාහ 4 සිදුකරගත හැක.එම වරප්‍රසාදය භුක්තිවිදිය හැක්කේ භාර්යාවන් 4 දෙනාටම එකසේ යුතුකම් ඉටුකල හැකිනම් පමණි. නමුත් මුස්ලිම් කාන්තාවකට සිදුකර ගත හැක්කේ විවාහ 1 පමණි.එයද මුස්ලිම් ජාතිකයකු හා පමණි .

මුස්ලිම් නිතිය යටතේ ලේ ඥාතීන් හා හදා-වඩා ගත ඥාතීන් අතරත් විවාහ තහනම්ය. විවාහයේදී මනාලයාගේ පාර්ශවය විසින් මනාලියට "මහාර්" නමැති දැවද්දක් දෙනු ලැබේ.

චාරිත්‍රනුකුල විවාහය 

සිංහල බෞද්ධයන් අතර පෝරුවේ චාරිත්‍රය පිළිගත් විවාහ චාරිත්‍රයකි.

තේසවලාමේ(ද්‍රවිඩ) ජාතිකයින් අතර මනාලියගේ බෙල්ලේ "තාලිය" දිම පිළිගත් චාරිත්‍රයකි .

වාසයෙන් හා සංවාසයෙන් ඇතිවන විවාහ (living together) 

විවාහයක් ලියාපදිංචි කර නැතත් පිළිගත් චාරිත්‍රනුකුලව විවාහ උත්සවයක් පවත්වා ඉන්පසු අඹුසැමියන් ලෙස ජිවත් වූ පුරුෂයකු හා ස්ත්‍රීයක අතර වලංගු විවාහයක් ඇතැයි පිළිගැනේ .

Friday, August 24, 2012

අන්තිම කැමති පත්‍රය

අන්තිම කැමති පත්‍රය යනු යම්කෙනෙකු මියයාමට පෙර තමාගේ මරණින් පසු දේපල බෙදියයුතු අන්දම ප්‍රකාශ කරමින් ලියා තබන ලියවිල්ලයි. එය නීතියෙන් පිළිගනු ලබන ලියවිල්ලකි ( නීතිඥයකු මගින් නියමාකාරයෙන් සදවගත හැක ).අන්තිම කැමති පත්‍ර පිළිබද නිතිය දක්වා ඇත්තේ 1884 /21 දරන අන්තිම කැමති පත්‍ර ආඥා පනතයි.

වයස අවු.18 ට අඩු පුද්ගලයකුට වලංගු අන්තිම කැමති පත්‍රයක් සැදිය නොහැක. නමුත් අවු.18 ට අඩු පුද්ගලයෙක් ජනාධිපතිවරයාගෙන් වයෝපුර්ණත්ව සහතිකයක් (venia aetatis) ලබාගෙන වලංගු අන්තිම කැමති පත්‍රයක් සාදව ගත හැක .

අන්තිම කැමති පත්‍රයක් ඕනෑම අවස්ථාවක අවලංගු කල හැක. අන්තිම කැමති පත්‍රයකට සංශෝදනයක් කිරීමට අවශ්‍ය නම් එය "කොඩිසිල්" පත්‍රයක් මගින් සිදු කල හැක .

අන්තිම කැමති පත්‍රයක තිබු පමණින් කිසිවකුට දේපල බෙදාගත නොහැක . අදාල පුද්ගලයාගේ මරණින් පසු අන්තිම කැමති පත්‍රය අධ්කරණයට ඉදිරිපත් කර නඩුකරයක් මගින් එය බෙදා ගත යුතුය .

බාලවයස්කරුවන් , සිහිවිකල පුද්ගලයින්,මන්ද බුද්ධික පුද්ගලයින් ලියන අන්තිම කැමති පත්‍ර වලංගු නොවේ .තවද යමෙක් මරණාසන්නව සිටින පුද්ගලයෙක්ගෙන් බලෙන් අත්සන් ලබාගන්න අන්තිම කැමති පත්‍රයක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල හැක .

අනිත්ම කැමති පත්‍රයක එම ඉල්ලීම් ඉටු කිරීමට විශ්වාසවන්ත අයකු පත්කළ තිබිය යුතුය . ඔහු "පොල්මක්කරු " ලෙස හැදින් වේ.අන්තිම කමතිකරු මියගිය පසු අන්තිම කැමති පත්‍රය උසාවියට ඉදිරිපත් කොට දේපල නිසි ආකාරව බෙදා දීප පොල්මක්කරු විසින් සිදු කල යුතුය .

 යම් පුද්ගලයකු අන්තිම කැමති පත්‍රයක් නැතිව මියගිය විට. ඔහොගේ යම් කිට්ටු ඥාතියකු විසින්  උසාවියට පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර " අද්මිනිස්ත්‍රති " බලපත්‍රයක් ඉල්ලාසිටිය යුතයි .

අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීම ක්‍රම දෙකකි :-
  1. සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරිය අන්තිම කැමති පත්‍රය සකස් කල එම 5 දෙනාම එයට අත්සන් කිරීම 
  2. නොතාරිස් (නීතිඥ වරයකු නම් වඩාත් හොදයි ) වරයකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රය සකස් කර එයට සාක්ෂි කරුවන් දෙදෙනකු අත්සන් කිරීම
විහාරාධිපති භික්ෂුවක් විසින් හෝ දේවාලයක බස්නායක නිලමේ වරයකුට එම පූජා ස්ථානයට අයත් දේපලක් අන්තිම කැමති පත්‍රයකින් කිසිවකුට පැවරිය නොහැක. නමුත් භික්ෂුවක් පෞද්ගලිකව උපයාගත් දේපලක් අන් අයකුට පැවරිය හැක . නමුත් විහාර හා දේවාලගම් පනත යටතේ භික්ෂුවක් පෞගලිකව උපයාගත් දේපල භික්ෂුවගේ මරණින් පසු ඔහෝ අයත් විහාරයට අයිති වෙයි .

අන්තිම කැමති පත්‍රය , කොඩිසිල් පත්‍ර වැනි දේ වල සිදු කරන සියලු වෙන කිරීම්(කැපීම්, මැකීම් වැනි දෑ) අන්තිම කැමති පත්‍ර කරුගේ කෙටි අත්සනින් සහතික කලයුතුය .

Wednesday, August 22, 2012

කාර්මික නීතිය (වැඩකරන ජනතාවට ) -2

සේවය කිරීමට අවසර ලැබෙන පැය ගණන 

  • වයස අවු. 14 ක් නොවන කිසිම කෙනෙකු  සාප්පුවක හෝ කාර්යාලයක සේවයේ නොදිය යුතුයි.
  • වයස අවු.14 ඉක්ම වූ නමුත් අවු.18 ට අඩු තැනැත්තකු උදේ 6 ට පෙර සහ හවස 6 ට පසු සේවයේ නොයෙදිය  යුතුයි 
  • කෙසේ වුවද වයස අවු.16 සම්පුර්න කර ඇති පිරිමි ළමයෙකු හෝටලයක/බොජුන්හලක /විනෝදය සපයන තැනක පෙරවරු 6.00 සිට පස්වරු 10.00 තෙක් සේවයකළ හැක.
  • වයස අවු.16 සම්පුර කර ඇති ගැහැණු ළමයකු හෝටලයක හෝ බොජුන් හලක හෝ ඊට සම්බන්ද කාර්යක  පෙරවරු 6.00 සිට පස්වරු 10.00  තෙක් සේවය කල හැක 
  • වයස අවුරුදු 18 සම්පුර්ණ කර ඇති ගැහැණු ළමයෙකු  නේවාසික හෝටලයක හෝ ඊට සම්බන්ධ නිර්දේශිත කාර්යයක පෙව.6.00 ට පෙර හෝ පව.6.00 ට පසු සේවයේ යෙදවිය හැක .

1945/42 දරන කර්මාන්තශාලා ආඥා පනත .

සේවය කිරීමට අවසර ලැබෙන පැය ගණන.

අවුරුදු 16 නොවන තැනැත්තකුගේ සේවා කාලය දිනකට පැය 12 නොඉක්මවියයුතු අතර සේවා කාලය පෙව.6.00 ත් පව.6.00 ත් අතර විය යුතුය.
වයස අවු.18 ට එලබ සිටින තැනැත්තකුගේ සේවා කාලය අවසන්වීම රාත්‍රී 8.00 න් පසුව නොවිය යුතුයි .

1958/15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත 

පහත සදහන් සේවකයන් හැර අන් සියලු සේවකයින් මෙම පනත මගින් ආවරණය වෙයි .

  • රජයේ සේවකයින්.
  • පළාත් පාලන සේවකයින්
  • ගෘහ සේවකයින්.
  • ආගමික කටයුත්තක් හෝ සමාජ සේවා කටයුත්තක් සදහා පිහිටවනු ලැබූ සේවකයින් 10 ට අඩුවෙන් සිටන පුණ්‍ය ආයතනවල සේවය කරන්නන්
  • බාලාපරාධකරුවන්,බිහිරි හෝ අන්ධ පුද්ගලයින්ට කාර්මික දැනුම බෙදාදෙන කාර්මික ආයතන වල සේවකයින්.

සේවක අර්ථසාධකය සෑදෙන ආකාරය :- සේවායෝජකයා විසින් - සේවකයාගේ ඉපයීම් වලින් 12% (අදාළ  සේවකයාගේ පඩියෙන් 12 %)
                                                              සේවකයා විසින් - තම ඉපයීම් වලින් 8% (පඩියෙන් 8%)

සේවකයකුට සේවක අර්ථසාධක අරමුදල් ලබාගත හැකි අවස්ථා.

  • පිරිමියකු වයස අවු.55 සම්පුර්ණ වීමේදී .
  • ගැහැණියකු වයස අවු.50 සම්පුන වීමේදී හෝ විවාහවීමෙන් පසු රැකියාවෙන් ඉවත් වීමේදී(විවාහක නම් සේවයෙන් ඉවත් වී මාස 3 ඇතුලත , විවාහයෙන් පසු අවු .5 ඇතුලත සේවයෙන් ඉවත් වී ඇත්නම් )
  • පුර්නවශයෙන් සදාකාලික අබාධිත තත්වය මත රැකියාවෙන් ඉවත් වීමේදී.
  • ස්ථිර වශයෙන් රට හැර යාමකදී .
  • සංස්ථාවක් වස දමන අවස්ථාවක ,සමාගමක් බවට පත්වන අවස්ථාවක හෝ සේවකයින් අඩු කිරීමේදී .

1980/46 දරන සේවක භාරකාර අරමුදල් පනත .

සේවකයාගේ වැටුපෙන් 3% ප්‍රමාණයක් සේවායෝජකයා විසින් මෙම අරමුදලට ගෙවිය යුතුය .

සේවක භාරකාර අරමුදල් ලබාගත හැකි අවස්ථා :-

  • 60 වන වියට පත්වීමේදී 
  • ස්ථිර පදින්චිඅ සදහා වෙනත් රටකට සංක්‍රමණය වීමේදී
  • විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවයට බැදීමේදී.
  • සදාකාලික අබ්ධිතතටවය නිසා සේවයෙන් ඉවත් කිරීමේදී .
  • සේවකය්ගේ මරණයේදී.
  • හෝ සේවයෙන් ඉවත් කර 5 වසරක් ඇතුලත .

Tuesday, August 21, 2012

කාර්මික නීතිය (වැඩකරන ජනතාවට ) -1

අපි හැමෝම වැඩකරන ජනතාව නිකන් ඉදල කන බොන මිනිස්සු නෙවයි . වැඩකරන ජනතාවට තම සේවායෝජකයා විසින් ලබාදිය යුතු අයිතිවාසිකම් බොහොමයක් තියෙනවා වැටුප්, සේවා තත්වයන්, සෞඛ්‍ය ,ආරක්ෂාව,සේවයෙන් ඉවත් කිරීම වැනි දේවලදී ඔවුන් අනුගමනය කලයුතු නීති ලංකාවේ ඇතත් බොහොමයක් මිනිස්සු ඒවා දන්නේ නැ .. ඒ පිලිබදව පොඩි සංශිප්තයක් තමයි මේ .

කම්කරුවන්ට අදාල නීතිය ලියවී ඇති පනත් :-
  1. සාප්පු හා කාර්යාල පනත 
  2. කර්මාන්තශාලා ආඥා පනත 
  3. පාරිතෝෂිත ගෙවීමේ පනත 
  4. සේවක අර්ථසාද පනත 
  5. සේවක භාරකාර අරමුදල 
  6. වෘතිය සමිති ආඥා පනත 
  7. වැටුප් මණ්ඩල ආඥා පනත 

1954 අංක 19 සාප්පු හා කාර්යාල පනත ;

මෙමගින් වැඩකිරීමට අවසර දී ඇති පැය ගණන :- දිනකට පැය 8 (සතියකට 45)     [විවේකය හෝ කැමබිම සදහා ලබාදෙන කාලය මෙයට ඇතුලත් නොවේ.]

අතිකාල දීමන ගණන් බැලීම = මාසික වැටුප ෂ් 1.5
                                                         240

සම තැනැත්තකුටම සතියට දින එකහමාරක් නිවාඩුවකට හිමිකම් තිබේ. යම්කිසි සතියක් තුල කරනු ලැබූ අතිකාල වැඩ අතහැර ,අදාල සතිය තුල පැය 28 කට නොඅඩු කාලයක් වැඩ කල සේවකයකුට එම නිවාඩුව ලබාදිය යුතුවේ .

සේවකයකුට ලැබෙන වාර්ෂික නිවාඩු 

මෙය ඔහු රැකියාවට බැදෙන කාලය අනුව තීරණය වේ. රැකියාවේ පළමු වසර තුල 

සේවකයා රැකියාවට බැදුනේ ;
ජනවාරි 1 - මාර්තු 31 අතුලතනම් - වර්ෂය තුල දින 14 නිවාඩු ගත හැක 
අප්‍රේල් 1 - ජුනි 30 අතරනම් - නිවාඩු දින 10 
ජුලි 1 - සැප්තැම්බර් 30 - නිවාඩු දින 7
ඔක්තොබෙර් 1 - දෙසැම්බර් 31 - නිවාඩු දින 4 

තවද අනියම් නිවාඩු ලෙස අසනීපයකට හෝ වෙනත් කරුණකට (සාධාරණ) වෙනම දින 7 නිවාඩු ගත හැක .

රජයේ නිවාඩු 

රජයේ නිවාඩු ,අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කල යුතු අතර වර්ෂයකට දින 9 නොඉක්මවිය යුතුය.
රජයේ නිවාඩු දිනක පැය 9 වැඩකළ හැකි අතර එම සේවකයාට ; එම වසර ඇතුලත (දෙසම්බෙර් 31 තෙක් ) සම්පුර්ණ පඩි සහිතව වෙනත් දිනක් නිවාඩු ලබාගත හැකි අතර ,නැතහොත් එක දිනක වැටුප මෙන් දෙගුණයක් ලබාගත හැක.

පෝය නිවාඩු 

පුර පසොලොස්වක දිනක පැය 9 ක් වැඩකළ හැකි අතර දිනපතා වැටුප මෙන් එකහමාරක් ලබාගත හැක.

සේවිකාවකට ලැබෙන ප්‍රසුත නිවාඩු 

  • පළමු වෙනි දරු ප්‍රසුතිය සදහා ප්‍රසුතියට පෙර දින 14 හා ප්‍රසුතියෙන් පසු දින 70. මුළු දින 84 ලැබේ .
  • තුන්වන හා එට පසු ප්‍රසුතියන් සදහා ප්‍රසුතියට පෙර දින 14 හා ප්‍රසුතියෙන් පසුව දින 28 . මුළු දින 42 ලබා ගත හැක
(මෙම නිවාඩු ඉහත කතා කරපු නිවාඩු වලට අමතරව ලබාදිය යුතු වේ )

ගර්භානිභාවය ,දරු ප්‍රසුතිය හෝ ගර්භනී භාවය හා දරු ප්‍රසුතියෙන් පසුව ඇතිවන කිසිම රෝග පිඩාවක් පදනම් කොට ගෙන සේවිකාවක සේවයෙන් ඉවත් කල නොහැක.

උප්පැන්න සහතිකයක නම වෙනස් කරන්නේ කොහොමද ?

උප්පැන්න සහතිකය හිමි තැනැත්තා හෝ ඔහුගේ දෙමුපියන්ට නම වෙනස් කල හැක . මේ සදහා උප්පැන්නය ලියාපදිංචි කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උප්පැන්නය අයිතිකරුට වයස 21 ට අඩුනම් ඔහුගේ දෙමුපියන් හෝ අයිතිකරුට 21 ට වැඩිනම් තම විසින් ම ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය .

මේ සමග උප්පැන්න සහතිකයේ පිටපතක් ඇමිණිය යුතු අතර ඉල්ලුම්පත්‍රය පහත ලියවිලි වලින් සනාථ කල යුතුය .

  • බෞතිස්ම සහතිකයක් ඇත්නම් එය 
  • පාසලට ඇතුලත් කරගැනීමේ ලේඛනයේ හෝ පාසලෙන් අස් වීමේ සහතිකයේ සහතික පිටපතක් .
  • උප්පැන්න සහතිකය අදාල වන තනතගේ මුපියන්ට උපන් දරුවන්ගේ නම් ලැයිස්තුවක් .
  • පුවත්පත් දැන්වීම් .
  • බැංකු ගිණුම් පොත් 
  • හැදුනුම්පත් , විදේශීය ගමන් බලපත්‍රය, රියදුරුපත 
  • අදාල තැනැත්තාගේ නම සහ උපන්දිනය සදහන් වෙනත් ලියකියවිලි සහ දෙමුපියන්ගේ නම් .

Monday, August 20, 2012

කඩෙන් බඩුවක් ගන්න යන හැමෝම දැනගත යුතු දෙයක්

වෙළෙන්දකු හෝ සාදන්නකු විසින් මුදලක් සදහා ලබාගැනීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා, නියම වශයෙන් භාවිත කරන්නෙකු හෝ භාවිත කරනු ඇතයි බලාපොරොත්තු වන්නෙකු පරිභෝගිකයෙකි. කියල 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබද අධෝකාරිය පනතේ දක්වා ඇත . කෙටියෙන් කිව්වොත් අපි හැමෝම හැම මොහොතේම පාරිභෝගිකයෝ . පාරිභෝගිකයෝ හැටියට අපි හැමෝටම අයිතීන් තියෙනවා. පාරිභෝගික අයිතීන් පිලිබදව පස්සේ ලිපියක අපි කතා කරමු .දැන් අපි බලමු මම ඉස්සෙල්ල කිව්වා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදවල් මොනවා කියල. ඒ කියන්න මේවා එකක් හරි අපිට මුහුණ පාන්න සිද්දුනොත් අදාල වෙළෙන්දාට විරිඋද්දව "පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට " පැමිණිලි කරන්න පුළුවන් .

  • විකිනීමට ඇති යම්භාණ්ඩයක් සම්බන්දයෙන් එම භාණ්ඩයේ ඇති යම් ලේබලයක් විස්තරයක් හෝ මිල ලකුණු කිරීමක් පිලිබදව අධිකාරිය විසින් නිකුත් කරන ලද යම් විදානයක් ඉවත් කිරීම , මක දැමීම ,විකෘති කිරීම,වෙනස්කිරීම , හෝ කපා දැමීම - 2003/9 පනත 10(4) වගන්තිය 
  • අධිකාරිය විසින් නිකුත් කරන ලද විධානයකට අනුව ලකුණු කරන ලද මිලකට වැඩ වැඩි මිලකට විකිණීම හෝ විකිනීමට ඉදිරිපත් කිරීම -  2003/9 පනත 11 වගන්තිය 
  • යම් වෙළද සංගමයක් විසින් අධිකාරිය සමග එලබුනු යම් ගිවිසුමක් විධානයක් කඩ කිරීම වරදකි -  2003/9 පනත 14(3) වගන්තිය 
  • භාණ්ඩ ලග තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම වරදකි -  2003/9 පනත 15 වගන්තිය 
  • භාණ්ඩ කොන්දේසියකට යටත්ව විකිණීම වරදකි -  2003/9 පනත 16 වගන්තිය
  • යම් වෙළෙන්දෙකු හෝ යම් තැනැත්තකු තමාගේ අවශ්‍යතාවය ඉක්මවන පරිදි භාණ්ඩ රස කිරීම වරදකි -  2003/9 පනත 17 වගන්තිය 
  • යම් වෙළෙන්දකු පාරිභෝගික සභාව සමග ඇතිකරගන්න ප්‍රතිඥාවක් කඩ කිරීම වරදකි -  2003/9 පනත 21 වගන්තිය 
  • අධිකාරියේ විධානයන්ට අනුව ක්‍රියා නොකිරීමටත් , එම ව්හිධානයන් හෝ අවවාදයන් විකෘති කිරීම,මකා දැමීම , වෙනස් කිරීම වරදකි -  2003/9 පනත 29 වගන්තිය 
  • තම ව්‍යාපාරික ක්‍රියා කලාපය මගින් පාරිභෝගිකයා හෝ වෙනත් වෙළෙන්දකු නොමග යැවීම වරදකි -  2003/9 පනත 30,31වගන්ති 
  • යම් තැනැත්තකු වත අධිකාරිය විසින් කරනු ලබන නියිග පහර හරිම, අධිකාරියට අගරු කිරීම හෝ අපහස කිරීම වරදකි -  2003/9 පනත 36 වගන්තිය 

මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental rights ) .2

ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් 

මෙමෙ අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ 22 වගන්තියේ සිට දක්වා ඇත.
  • සමාජ ආරක්ෂණය ඇතුළු සමාජ සුරක්ෂිතතාව ලැබීමේ අයිතිය.
  • හැකි තරම් පුළුල් මට්ටමේ ආරක්ෂාව හා ආධාර ලැබීමට පවුල සතු අයිතිය
  • වැඩ කිරීමේ අයිතිය 
  • තම රැකියාව නිදහසේ තෝරාගැනීමේ අයිතිය
  • විරැකියාවෙන් මිදීමේ අයිතිය
  • සම වැඩට සම වැටුප් ලැබීමේ අයිතිය
  • සිය අයිතිවාසිකම් රැකගැනීම සද වුර්තිය සමිති පිහිටුවා ගැනීම සහ ඒවාට බැදීමේ අයිතිය
  • විවේකය හා විනෝදය ලැබීමේ අයිතිය (වැටුප් සහිත නිවාඩු ලැබීමේ අයිතිය, වැඩකරන කාලය සාදාරන ලෙස සිමා කරගැනීමේ අයිතිය.)
  • සාගින්නෙන් මිදීමේ අයිතිය
  • ආහාරපාන .ඇදුම් පැළදුම් ,නිවාස ,බෙහෙත්, සහ අවශ්‍ය සමාජ සේවාවන් ද ඇතුළු තගේත් තම පවුලත් සනීපරක්ෂවට සහ සුභ  සිද්දියට ප්‍රමාණවත් තරම් ජිවන තත්වයක් භුක්ති විදීමේ අයිතිය
  • ලබාගත හැකි ඉහලම මට්ටමේ සවුක්‍ය තත්වයක්(මානසික හා කායික )ඇතිව සිටීමේ අයිතිය
  • රැකියාව අහිමි වීම , රෝගාබාද ,දුබලතාව, වැන්දබු බව හෝ වෙනත් තමාට පාලනය කල නොකහි ආපදා නිසා ජීවිතය ගෙන යාම දුෂ්කර වූ විට ආරක්ෂණය ලැබීමේ අයිතිය
  • දරු උපතට පෙර හා පසුව විශේෂ ආරක්ෂාව ලැබීමේ අයිතිය.
  • ළමයින් හා යෞවනයන්  ආර්ථික හා සමාජමය සුර කෑමෙන් ආරක්ෂා කරනු ලැබීමේ අයිතිය.
  • මවුවරුන්ට හා දරුවන්ට විශේෂ සැලකිලි හා ආධාර ලැබීමේ අයිතිය.
  • අධ්‍යාපනය ලැබීමේ අයිතිය.( අනිවාර්ය ප්‍රථමික අද්‍යාපනය නොමිලේ ලැබීමේ අයිතිය ,කාර්මික හා වුර්තිය අද්‍යාපනය පොදුවේ ලැබීමේ අයිතිය,කුසලතා මත උසස් අධ්‍යාපනය සදහා සමාන ඉඩ ප්‍රස්ථා ලැබීමේ අයිතිය.
  • තම දරුවන්ට දිය යුතු අධ්‍යාපනය තොර ගැනීමට දම්වුපියන්ට ඇති අයිතිය.
  • ජන සමාජයේ සංකෘතික ජිවිතයට සහභාගී වීමේත් , කළා රස භුක්ති විදෙමේත් විද්‍යාත්මක ජයග්‍රහණ හා ඒවායේ පල ප්‍රයෝජන හවුලේ භුක්තිවිදිමේත් අයිතිය .

Friday, August 17, 2012

මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental rights ) .1

මානව හිමිකම් යනු වර්ගය ,ජාතිය , වර්ණය ,කුලය, ආගම , භාෂාව,ස්ත්‍රී පුරුෂ භාවය,දේශපාලන මතිමතාන්තර,සමාජ තරාතිරම,දේපොළ,උත්පත්තිය වැනි කිසිදු විශේෂයකින් තොරව මිනිස් සමාජය තුල මානව ගරුත්වය ඇතිව ජීවත්වීම  සදහා සෑම මිනිසෙකුටම තිබියයුතු යි පොදුවේ පිළිගෙන ඇති අයිතිවාසිකම් සමුහයකි.

මෙම අයිතිවාසිකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1947 දෙසැම්බර් 10 වෙනි දින සම්මත කරනල ලද මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ දක්වා ඇත.මේවා සෑම ජාතියක් විසින්ම මුදුන් පමුනවා ගතයුතු පොදු තත්වයන් වශයෙන් දක්වා ඇත.විශ්ව ප්‍රකශනේ ඇති මානව අයිතිවාසිකම් සෑම මිනිසෙකුටම කිසිම භේදයකින් තොරව ලබාගත හැක.ලෝකයේ ඕනෑම තැනක මෙම අයිතිවාසිකම් භුක්තිවිදීමට මිනිසුන්ට හැකියාවක් ඇත.

විශ්ව ප්‍රකාශනයේ ඇති අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.
1. සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් .
2. ආර්ථික ,සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් .

සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්

විශ්ව ප්‍රකාශනයේ 4-21 දක්වා වගන්ති වල මෙම අයිතිවාසිකම් දක්වා ඇත .

  • ජීවිතයට,නිදහසේ හැසිරෙමට හා පෞද්ගලික සුරක්ෂිතභාවයට ඇති අයිතිය. (3 වෙනි වගන්තිය )
  • වහල් භාවයෙන් හා දාස භාවයෙන් මිදීමට ඇති අයිතිය .
  • වධහිංසා වලින් හා කෘර අමානුෂික, අවමන් සහගත සැලකිලිවලින් දඩුවම් වලින් මිදීමේ අයිතිය.
  • සැමවිටම නිතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස පිළිගැනීමේ අයිතිය(එනම් නීතියෙන් පිලිගනුලබිමේ අයිතිය.)
  • නිතිය ඉදිරියේ සමානාත්ම තාවය හා නිතිය ඉදිරියේ සමාන ආරක්ෂාව හා සමාන රැකවරණය ලැබීමේ අයිතිය.
  • තම මුලික අයිතිවාසිකම් කඩවීම සම්භන්දයෙන් නිසි බලධාරී අධිකරණයකින් පිළියම් ලැබීමේ අයිතිය.
  • අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් ,නීතිවිරෝධී ලෙස රදවතබිමෙන් හා පිටුවහල් කිරීමෙන් මිදීමේ අයිතිය.
  • ස්වාධින හා අපක්ෂපාති අධිකරණයක් හමුවේ පවත් වෙන සාධාරණ හා විවුර්ත නඩු විභාගයක් ලබාගැනීමේ අයිතිය.
  • තමාට එරෙහි චෝදනාවක් ඇතිවිට නිතිය අනුව වරදකරු යි ඔප්පුකරන තුරු නිර්දෝෂී ඊ සලකනු ලැබීමට ඇති අයිතිය.
         අත්අඩංගුවට ගැනීමේදී :- අත්අඩංගුවට ගැනීමට හේතුව දැනගැනීමට 
                                                තමාට එරෙහි චෝදනා අප්‍රමාදව දැනගැනීමට 
                                                 අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉක්මනින් විනිසුරුවරයකු වෙත ඉදිරිපත් කරනු ලැබීමට ඇති අයිතිය.
                                                සාදාරන කාලයක් තුල තමාගේ නඩුව විභාග කරනු ලැබීමේ අයිතිය 
                                                 රදවා තබාගැනීමේ නිත්යනුකුලභාවය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමේ අයිතිය
                                                නිතිවිරිධි ලෙස අත්අඩංගුවට ගැනීම ජෝ රදවා ගැනීම සම්බන්දයෙන් වන්දි ලැබීමට ඇති අයිතිය
                                                විත්ති වසිකය ඉදිරිපත් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් හා පහසුකම් ලබාගැනීමට චුදිතයකු සතු අයිතිය.
                                                 නීතිඥ සහය ලබාගැනීමට ඇති අයිතිය.
                                                 අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නඩු ව්හිභාග කිරීමේ අයිතිය.
                                                 තනිව හෝ නීතිඥයකු මගින් නිදහසක කරුණු කෙමට අයිතිය .
                                                 තමාට ම එරෙහිව සාක්ෂි දෙන ලෙස හෝ පාපොච්චාරණය කරන ලෙස බල නොකරන් ලැබීමේ අයිතිය.

  • අත්තනෝමතික ලෙස තම පවුලට , පෞද්ගලික ජීවිතයට , නිවසට හෝ ලිපි ගනුදෙනු වලට ඇගිලි ගැසීම් කරනු නොලැබීමේ අයිතිය.
  • තම ගෞරවයට හා කීර්ති නාමයට හරි නොකරනු ලැබීමට ඇති අයිතිය
  • තම රට ඇතුලත නිදහසේ ගමන් බිමන් යාමට හා වාසය කිරීමට අයිතිය.
  • රටින් පිටවීමේ හා නැවත පැමිණීමේ අයිතිය
  • හිරිහැරයන්ගෙන් මිදීමට වෙනත් රටවල රැකවරණය පැතීමේ හා ලැබීමේ අයිතිය.
  • ජාතිකත්වයක් ලැබීමට, ජාතිකත්වය අහිමි කරනු නොලැබීමට හා ජාතිකත්වය වෙනස් කිරීමට ඇති අයිතිය.
  • විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය.
නිදහස් කැමැත්තට පටහැනිව බලෙන් විවාහ කර දෙනු නොලැබීමේ අයිතිය.
විවාහය, පවුල් කෑම, දිකසාදය සම්බන්දයෙන් දෙදෙනා සතු සමාන අයිතිය
පවුල, සමාජය හා රජය විසින් ආරක්ෂා කරනු ලැබීමේ අයිතිය.
                                                                                                                                                                                                                                                                              
  • දේපොළ හිමිකරගැනීමට අයිතිය
අත්තනෝමතික ලෙස දේපොළ අහිමි කරනු නොලැබීමේ අයිතිය.

  • සිතීමේ ,හර්දසක්ෂියේ හා ආගම ඇදහීමේ නිදහස .
තම ආගම වෙනස් කිරීමේ නිදහස 
තනිව හෝ වෙනත් ය සමග ආගමික පුද පූජා පවෙත්වීමේ  නිදහස 
  •  මත දැරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස 
තොරතුරු ලබාගැනීමේ හා බෙදාගැනීමේ නිදහස 
  • සාමකාමිව රැස්වීමේ ,සමිති සමාගම පිහිටුවීමේ හා සමිති සමගම වලට සම්බන්ධ වීමේ නිදහස                    
                                                   සමිති සමාගම් වලට බැදෙන ලෙස බලකණු නොලැබීමේ අයිතිය

  • තම නියෝජිතයන් තෝරාගැනීම තුල රටේ පාලනයට සම්බන්ද වීමේ අයිතිය.
                                                      තම රටේ රාජ්‍ය සේවය කරා පිවිසීමේ,රජ්‍යසේවවන්ගේ සේවය ලබාගැනීමේ සියකුදෙන සතු එක සමාන අයිතිය
                                                      සාදාරන මැතිවරණයකදී නිදහසේ චන්දය පාවිච්චි කිරීමේ අයිතිය තුලින් තම කැමති ආණ්ඩුවක් තොර පතකගනී මේ අයිතිය 


 මේ ලිපියෙන් මම පෙන්නලා තියෙන්නේ මුලික සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්. ඊලග ලිපියෙන් ආර්ථික ,සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් කතා කරන්න බලාපොරොත්තුවෙනවා 


Thursday, August 16, 2012

කාලාවරෝධ නිතිය

 අපි මුලින්ම නඩුවක් දාන්න නම් අපි අප්‍රමාදව අදිකරණයට ඉදිරිපත් විය යුතුයි. අපගේ පමාව අපිට සාධාරණත්වය ලබාදීම ප්‍රමාධ කරනු ඇත. නිතිය අපිට යම් කාලසීමාවන් ලබාදීල තියෙනවා යම්කිසි අසාධාරණයකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට. ඉතින් මෙමෙ කාලසීමාවන් පිළිබද දැනුවත් වීම අපිට අපේ  අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිඉමට වඩාත් වැදගත් වෙනවා 

මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට 

උල්ලංගනය වී දින 30 ඇතුලත ශේෂ්ටාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කල යුතුය. මෙහෙදී ඔබට නඩුවක් ලෙස ඉදිරිපත් කල හැක නැත්තම් අගවිනිසුරු අමතා යවන ලිපියකින් ද පැමිණිල්ල ඉදිරිපත් කල හැක නමුත් මෙම ලිපියේ සාදාරන කරුණු ඇතුලත් විය යුතුය. මෙම දින 30 කාල සීමාව සදහා සෙනසුරාදා , ඉරිදා හා රජයේ නිවාඩු ද ඇතුලත් විය යුතුය. එනම් අපිට අසදරණය වූ දින සිට කැලැන්ඩර දින 30 ඇතුලත පමිල්ල ඉදිරිපත් කල යුතුය.

නමුත් අපි මානව හිමිකම් කොමිසම ට දින 30 ඇතුලත පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත්.නැවත ශේෂ්ට්‍රධිකරණය වෙත යාමට දින 30 කල පරාසය වැදගත් වන්නේ නැත .නමුත් මානව හිමිකම් ක්මිසමේ නිර්දේශය ලැබී එයින් අතෘප්තියට පත්වන්නේ නම් නැවත ශේට්‍රධිකනයට පමිනිලිකිරිම නිර්දේශය ලැබී දින 30 ඇතුලත සිදු කල යුතුය.

වාචික ගිවිසුමක් උල්ලංඝනය වූ විට 

උල්ලංඝනය සිදුවී අවුරුදු 3 ඇතුලත නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුය .

භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් උල්ලංගනය වූ විට 

නඩු නිමිත්ත(ගිවිසුම උල්ලංගනය වී) පැනනැගී අවුරුදු 1 ඇතුලත නඩු පැවරිය යුතුය.

ලිඛිත ගිවිසුමක් උල්ලංඝනය වූ විට 

ගිවිසුම උල්ලංඝනය වී අවුරුදු 6 ඇතුලත නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුය.

පුද්ගලයන් ට(මිනිසුන්ට)සිදුවන ශාරීරික හෝ මානසික පිඩා

උදා:- හදිසි අනතුරු , විවාහ පොරොන්දු කඩකිරීම 
මෙවැනි අවස්ථාවලදී සිදුවීම සිදු වී අවුරුදු 2 ඇතුලත නඩු පැවරිය යුතුය.

උකසකට වූ වෙනත් බැදීමකට යටත් කරන ලද නිශ්චල දේපලක් සම්බන්ද නඩු 

උල්ලංගනය සිදුවී අවුරුදු 10 ඇතුලත නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

ගෙවල් කුලී මණ්ඩලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන අවස්ථාවකදී 

මාස 6 කාලයක් ඇතුලත ඉල්ලේම ඉදිරිපත් කලයුතුය .