Tuesday, August 21, 2012

කාර්මික නීතිය (වැඩකරන ජනතාවට ) -1

අපි හැමෝම වැඩකරන ජනතාව නිකන් ඉදල කන බොන මිනිස්සු නෙවයි . වැඩකරන ජනතාවට තම සේවායෝජකයා විසින් ලබාදිය යුතු අයිතිවාසිකම් බොහොමයක් තියෙනවා වැටුප්, සේවා තත්වයන්, සෞඛ්‍ය ,ආරක්ෂාව,සේවයෙන් ඉවත් කිරීම වැනි දේවලදී ඔවුන් අනුගමනය කලයුතු නීති ලංකාවේ ඇතත් බොහොමයක් මිනිස්සු ඒවා දන්නේ නැ .. ඒ පිලිබදව පොඩි සංශිප්තයක් තමයි මේ .

කම්කරුවන්ට අදාල නීතිය ලියවී ඇති පනත් :-
  1. සාප්පු හා කාර්යාල පනත 
  2. කර්මාන්තශාලා ආඥා පනත 
  3. පාරිතෝෂිත ගෙවීමේ පනත 
  4. සේවක අර්ථසාද පනත 
  5. සේවක භාරකාර අරමුදල 
  6. වෘතිය සමිති ආඥා පනත 
  7. වැටුප් මණ්ඩල ආඥා පනත 

1954 අංක 19 සාප්පු හා කාර්යාල පනත ;

මෙමගින් වැඩකිරීමට අවසර දී ඇති පැය ගණන :- දිනකට පැය 8 (සතියකට 45)     [විවේකය හෝ කැමබිම සදහා ලබාදෙන කාලය මෙයට ඇතුලත් නොවේ.]

අතිකාල දීමන ගණන් බැලීම = මාසික වැටුප ෂ් 1.5
                                                         240

සම තැනැත්තකුටම සතියට දින එකහමාරක් නිවාඩුවකට හිමිකම් තිබේ. යම්කිසි සතියක් තුල කරනු ලැබූ අතිකාල වැඩ අතහැර ,අදාල සතිය තුල පැය 28 කට නොඅඩු කාලයක් වැඩ කල සේවකයකුට එම නිවාඩුව ලබාදිය යුතුවේ .

සේවකයකුට ලැබෙන වාර්ෂික නිවාඩු 

මෙය ඔහු රැකියාවට බැදෙන කාලය අනුව තීරණය වේ. රැකියාවේ පළමු වසර තුල 

සේවකයා රැකියාවට බැදුනේ ;
ජනවාරි 1 - මාර්තු 31 අතුලතනම් - වර්ෂය තුල දින 14 නිවාඩු ගත හැක 
අප්‍රේල් 1 - ජුනි 30 අතරනම් - නිවාඩු දින 10 
ජුලි 1 - සැප්තැම්බර් 30 - නිවාඩු දින 7
ඔක්තොබෙර් 1 - දෙසැම්බර් 31 - නිවාඩු දින 4 

තවද අනියම් නිවාඩු ලෙස අසනීපයකට හෝ වෙනත් කරුණකට (සාධාරණ) වෙනම දින 7 නිවාඩු ගත හැක .

රජයේ නිවාඩු 

රජයේ නිවාඩු ,අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කල යුතු අතර වර්ෂයකට දින 9 නොඉක්මවිය යුතුය.
රජයේ නිවාඩු දිනක පැය 9 වැඩකළ හැකි අතර එම සේවකයාට ; එම වසර ඇතුලත (දෙසම්බෙර් 31 තෙක් ) සම්පුර්ණ පඩි සහිතව වෙනත් දිනක් නිවාඩු ලබාගත හැකි අතර ,නැතහොත් එක දිනක වැටුප මෙන් දෙගුණයක් ලබාගත හැක.

පෝය නිවාඩු 

පුර පසොලොස්වක දිනක පැය 9 ක් වැඩකළ හැකි අතර දිනපතා වැටුප මෙන් එකහමාරක් ලබාගත හැක.

සේවිකාවකට ලැබෙන ප්‍රසුත නිවාඩු 

  • පළමු වෙනි දරු ප්‍රසුතිය සදහා ප්‍රසුතියට පෙර දින 14 හා ප්‍රසුතියෙන් පසු දින 70. මුළු දින 84 ලැබේ .
  • තුන්වන හා එට පසු ප්‍රසුතියන් සදහා ප්‍රසුතියට පෙර දින 14 හා ප්‍රසුතියෙන් පසුව දින 28 . මුළු දින 42 ලබා ගත හැක
(මෙම නිවාඩු ඉහත කතා කරපු නිවාඩු වලට අමතරව ලබාදිය යුතු වේ )

ගර්භානිභාවය ,දරු ප්‍රසුතිය හෝ ගර්භනී භාවය හා දරු ප්‍රසුතියෙන් පසුව ඇතිවන කිසිම රෝග පිඩාවක් පදනම් කොට ගෙන සේවිකාවක සේවයෙන් ඉවත් කල නොහැක.

No comments:

Post a Comment