Wednesday, August 22, 2012

කාර්මික නීතිය (වැඩකරන ජනතාවට ) -2

සේවය කිරීමට අවසර ලැබෙන පැය ගණන 

  • වයස අවු. 14 ක් නොවන කිසිම කෙනෙකු  සාප්පුවක හෝ කාර්යාලයක සේවයේ නොදිය යුතුයි.
  • වයස අවු.14 ඉක්ම වූ නමුත් අවු.18 ට අඩු තැනැත්තකු උදේ 6 ට පෙර සහ හවස 6 ට පසු සේවයේ නොයෙදිය  යුතුයි 
  • කෙසේ වුවද වයස අවු.16 සම්පුර්න කර ඇති පිරිමි ළමයෙකු හෝටලයක/බොජුන්හලක /විනෝදය සපයන තැනක පෙරවරු 6.00 සිට පස්වරු 10.00 තෙක් සේවයකළ හැක.
  • වයස අවු.16 සම්පුර කර ඇති ගැහැණු ළමයකු හෝටලයක හෝ බොජුන් හලක හෝ ඊට සම්බන්ද කාර්යක  පෙරවරු 6.00 සිට පස්වරු 10.00  තෙක් සේවය කල හැක 
  • වයස අවුරුදු 18 සම්පුර්ණ කර ඇති ගැහැණු ළමයෙකු  නේවාසික හෝටලයක හෝ ඊට සම්බන්ධ නිර්දේශිත කාර්යයක පෙව.6.00 ට පෙර හෝ පව.6.00 ට පසු සේවයේ යෙදවිය හැක .

1945/42 දරන කර්මාන්තශාලා ආඥා පනත .

සේවය කිරීමට අවසර ලැබෙන පැය ගණන.

අවුරුදු 16 නොවන තැනැත්තකුගේ සේවා කාලය දිනකට පැය 12 නොඉක්මවියයුතු අතර සේවා කාලය පෙව.6.00 ත් පව.6.00 ත් අතර විය යුතුය.
වයස අවු.18 ට එලබ සිටින තැනැත්තකුගේ සේවා කාලය අවසන්වීම රාත්‍රී 8.00 න් පසුව නොවිය යුතුයි .

1958/15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත 

පහත සදහන් සේවකයන් හැර අන් සියලු සේවකයින් මෙම පනත මගින් ආවරණය වෙයි .

  • රජයේ සේවකයින්.
  • පළාත් පාලන සේවකයින්
  • ගෘහ සේවකයින්.
  • ආගමික කටයුත්තක් හෝ සමාජ සේවා කටයුත්තක් සදහා පිහිටවනු ලැබූ සේවකයින් 10 ට අඩුවෙන් සිටන පුණ්‍ය ආයතනවල සේවය කරන්නන්
  • බාලාපරාධකරුවන්,බිහිරි හෝ අන්ධ පුද්ගලයින්ට කාර්මික දැනුම බෙදාදෙන කාර්මික ආයතන වල සේවකයින්.

සේවක අර්ථසාධකය සෑදෙන ආකාරය :- සේවායෝජකයා විසින් - සේවකයාගේ ඉපයීම් වලින් 12% (අදාළ  සේවකයාගේ පඩියෙන් 12 %)
                                                              සේවකයා විසින් - තම ඉපයීම් වලින් 8% (පඩියෙන් 8%)

සේවකයකුට සේවක අර්ථසාධක අරමුදල් ලබාගත හැකි අවස්ථා.

  • පිරිමියකු වයස අවු.55 සම්පුර්ණ වීමේදී .
  • ගැහැණියකු වයස අවු.50 සම්පුන වීමේදී හෝ විවාහවීමෙන් පසු රැකියාවෙන් ඉවත් වීමේදී(විවාහක නම් සේවයෙන් ඉවත් වී මාස 3 ඇතුලත , විවාහයෙන් පසු අවු .5 ඇතුලත සේවයෙන් ඉවත් වී ඇත්නම් )
  • පුර්නවශයෙන් සදාකාලික අබාධිත තත්වය මත රැකියාවෙන් ඉවත් වීමේදී.
  • ස්ථිර වශයෙන් රට හැර යාමකදී .
  • සංස්ථාවක් වස දමන අවස්ථාවක ,සමාගමක් බවට පත්වන අවස්ථාවක හෝ සේවකයින් අඩු කිරීමේදී .

1980/46 දරන සේවක භාරකාර අරමුදල් පනත .

සේවකයාගේ වැටුපෙන් 3% ප්‍රමාණයක් සේවායෝජකයා විසින් මෙම අරමුදලට ගෙවිය යුතුය .

සේවක භාරකාර අරමුදල් ලබාගත හැකි අවස්ථා :-

  • 60 වන වියට පත්වීමේදී 
  • ස්ථිර පදින්චිඅ සදහා වෙනත් රටකට සංක්‍රමණය වීමේදී
  • විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවයට බැදීමේදී.
  • සදාකාලික අබ්ධිතතටවය නිසා සේවයෙන් ඉවත් කිරීමේදී .
  • සේවකය්ගේ මරණයේදී.
  • හෝ සේවයෙන් ඉවත් කර 5 වසරක් ඇතුලත .

5 comments:

  1. නීති ගොඩයා නීති ශිෂ්‍යයෙක් හෝ නීතීඥයෙක් වෙන්න ඇති යැයි සිතමි.
    අපේ ආයතනය රටේ පිළිගත් ආයතනයක් (පෞද්ගලික සමාගමක්) වුනත් මාද ඇතුළුව බොහෝ දෙනෙකුට පත්වීම් ලිපියක් වත් EPF,ETF ගෙවීමක්වත් නෑ. අතිකාල සඳහාද බොහෝ දෙනෙකුට ගෙවීමක් නෑ. සාමාන්‍යයෙන් සීමාවාසික කාලය මාස හයක් කීවත් මම දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් රැකියාව කරනවා.ස්ථිර කිරීමක්වත් නොකිරීමට හේතු කීමක් වත් අඩුම තරමේ පත්වීම් ලිපියක් වත් නෑ.
    මේ වගේ තත්වයකදී නීතිමය තත්වය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  2. මචන් උබේ සීන් එක මම හොයල බැලුව ... නීතිමය තත්වයනම් උබවල probationary තියන් නිසා ක්ම්පනි එකට මුකුත් කරන්න බෑ .. නමුත් උබවලව unresdonbly probationay තියන් ඉන්න බෑ .ඊත් උබල එහෙම ඔප්පු කරන්න ගියොත් පිස්සු හැදෙනවා .....නඩු දාල අතේ තියෙන සල්ලි ටිකත් වියදම් කරගන්න වෙන්නේ .... මම හැබැයි අවුරුද්දකට වැඩි නිසා උබල නඩුවක් දැම්මොත් දිනනවා .... අනික labour tribunal එකේ නඩු දාන්න එච්චර වියදම් යන්නේ නෑ ..හැබැයි ඉතින් එහෙම දාල උබලට අයිත් බෑ ...නේ මචං

    ReplyDelete
  3. කම්කරු නිතිය පිළිබද තියන පොත්පත් මොනවද? ඒවා ගන්න පුළුවන් ස්ථාන මොනවද?

    ReplyDelete