Monday, August 20, 2012

මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental rights ) .2

ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් 

මෙමෙ අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ 22 වගන්තියේ සිට දක්වා ඇත.
  • සමාජ ආරක්ෂණය ඇතුළු සමාජ සුරක්ෂිතතාව ලැබීමේ අයිතිය.
  • හැකි තරම් පුළුල් මට්ටමේ ආරක්ෂාව හා ආධාර ලැබීමට පවුල සතු අයිතිය
  • වැඩ කිරීමේ අයිතිය 
  • තම රැකියාව නිදහසේ තෝරාගැනීමේ අයිතිය
  • විරැකියාවෙන් මිදීමේ අයිතිය
  • සම වැඩට සම වැටුප් ලැබීමේ අයිතිය
  • සිය අයිතිවාසිකම් රැකගැනීම සද වුර්තිය සමිති පිහිටුවා ගැනීම සහ ඒවාට බැදීමේ අයිතිය
  • විවේකය හා විනෝදය ලැබීමේ අයිතිය (වැටුප් සහිත නිවාඩු ලැබීමේ අයිතිය, වැඩකරන කාලය සාදාරන ලෙස සිමා කරගැනීමේ අයිතිය.)
  • සාගින්නෙන් මිදීමේ අයිතිය
  • ආහාරපාන .ඇදුම් පැළදුම් ,නිවාස ,බෙහෙත්, සහ අවශ්‍ය සමාජ සේවාවන් ද ඇතුළු තගේත් තම පවුලත් සනීපරක්ෂවට සහ සුභ  සිද්දියට ප්‍රමාණවත් තරම් ජිවන තත්වයක් භුක්ති විදීමේ අයිතිය
  • ලබාගත හැකි ඉහලම මට්ටමේ සවුක්‍ය තත්වයක්(මානසික හා කායික )ඇතිව සිටීමේ අයිතිය
  • රැකියාව අහිමි වීම , රෝගාබාද ,දුබලතාව, වැන්දබු බව හෝ වෙනත් තමාට පාලනය කල නොකහි ආපදා නිසා ජීවිතය ගෙන යාම දුෂ්කර වූ විට ආරක්ෂණය ලැබීමේ අයිතිය
  • දරු උපතට පෙර හා පසුව විශේෂ ආරක්ෂාව ලැබීමේ අයිතිය.
  • ළමයින් හා යෞවනයන්  ආර්ථික හා සමාජමය සුර කෑමෙන් ආරක්ෂා කරනු ලැබීමේ අයිතිය.
  • මවුවරුන්ට හා දරුවන්ට විශේෂ සැලකිලි හා ආධාර ලැබීමේ අයිතිය.
  • අධ්‍යාපනය ලැබීමේ අයිතිය.( අනිවාර්ය ප්‍රථමික අද්‍යාපනය නොමිලේ ලැබීමේ අයිතිය ,කාර්මික හා වුර්තිය අද්‍යාපනය පොදුවේ ලැබීමේ අයිතිය,කුසලතා මත උසස් අධ්‍යාපනය සදහා සමාන ඉඩ ප්‍රස්ථා ලැබීමේ අයිතිය.
  • තම දරුවන්ට දිය යුතු අධ්‍යාපනය තොර ගැනීමට දම්වුපියන්ට ඇති අයිතිය.
  • ජන සමාජයේ සංකෘතික ජිවිතයට සහභාගී වීමේත් , කළා රස භුක්ති විදෙමේත් විද්‍යාත්මක ජයග්‍රහණ හා ඒවායේ පල ප්‍රයෝජන හවුලේ භුක්තිවිදිමේත් අයිතිය .

2 comments:

  1. ඉතාම හොඳ වැඩක්ග ස්තූතියි. අපට ඉඩම් නබුවක් තියනව අවුරුදු 15ක් තිස්සේ. පෙරකදෝරුවෝ එපා උනා මේ නඩුව නිසා. කුවේර කිල මිනිහෙක් අපෙන් සල්ලි අරන් වැඩේ කලේ නැහැ හරියට. මේ ඉඩම මගෙ නංගි අමාරුවේන් සල්ලි දීල අරන් බැංකු ණයකින් ගේ හැදුවා. අන්තිමට එයාගේ මංගල්ලයට ඉතුරු කරන් හිටපු සල්ලි සේරම කුවේරට දුන්නත් එයා අපිව රැවට්ටුවා. තාම නඩු. දැන් මගෙ නංගි බැඳලා අවුරුදු 5ක දරුවෙක් ඉන්නවා. මේක කිව්වේ මේ රටේ නිතිඥයො කියන බොහොම දෙනා මේ වගේ බව කියන්නයි. මම ගොසිප් බලනකොට ඔයාලගෙ කොමෙන්ට්ස් බලනව. ගොඩක් අය කුණුහරුප කිව්වත් රටට ආදරෙයි කියල පේනවා.ඔයත් වටින අදහස් දානව මම දැකල තියනව. මම කිසිම හැඳුනුම්කමක් නැති උනනත් මගේ රටටත් ජාතියටත් ආගමටත් ගොඩක් ආදරේ කරන කෙනෙක් හැටියට ඔයාගෙන් ඉල්ලන්නේ හොඳ වැදගත් මුද් මුල්කර ගන්නේ නැති නීතිඥයෙක් වෙන්න. සල්ලි ගොඩක් නැතිවේවි. ඒ උනත් සැනසීම තෘප්තිය ගොඩක් තියේවි. ඔබට සම්මා සම්බුදු සරණයි. එෂාමා කාරියකරවන, මනෝ උපදේශිකා.

    ReplyDelete
  2. නිතිය පිහියක් වගේ ... හොද පැත්තට යොදා ගත්තොත් ඉතාමත් හොදයි නරක පැත්තට යොදා ගත්තොත් මිනි මරන්නත් පුළුවන් .... නිතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන නිසා සහ අපේ රටේ මිනිස්සු නිතිය නොදන්නා නිසා තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න දන්නෙත් නෑ එක නිසා තමයි මම මගේ බ්ලොග් එකෙන් වත් මිනිස්සුන්වා දැනුවත් කරන්නේ .... annyways tnk uvery much for the comment and wishes ....

    ReplyDelete