Monday, April 21, 2014

විවාහය- 2

විවාහ පොරොන්දු 

පෙම් සබදතාවයක් පවත්වගෙන යන විට බොහෝ තරුණ තරුණියන් කරන දෙයක් තමයි විවාහ වෙන්න පොරොන්දුවක් වීම. කාලයත් සමග මොවුන් විවාහ වෙනවනම් ප්‍රශ්නයක් නැත. නමුත් ප්‍රශ්න ගොඩ නැගෙන්නෙ විවාහ පොරොන්දු වී එය කඩ කිරීමයි.

.මුලින්ම විවාහ පොරොන්ඩුවක් වලන්ගු වීමට පොරොන්ඩුවට ඇතුලත් වූ දෙදෙනාම විවාහ වීමට හැකියවෙන් යුත් අය විය යුතුයි (තනිකඩයන්))එක් වරක් විවාහක පුද්ගලයකුට එම විවාහයෙන් නිත්‍යානුකූලව වෙන් නොවී නැවත විවාහයක් කර ගැනීමට හෝ එවන් පුද්ගලයකු දුන් විවාහ පොරොන්දුවක් බලාත්මක කර ගත නොහැක.

.විවාහ පොරොන්දු බලාත්මක කරගැනීමේදී අදාල වන්නේ ""විවාහ පනතයි" මෙම පනත අනුව විවාහ පොරොන්දුවක් බලාත්මක කරගැනීමට නම් ;
  • එය ලිඛිතව ලබාදී තිබිය යුතුය .
.ලිඛිත පොරොන්ඩුවක් නොමතිව කට වචනයෙන් ලබාදෙන විවාහ පොරොන්දු බලාත්මක කර ගත නොහැක.

.විවාහ පොරොන්දු කඩ කිරීම සම්බන්ද නඩු වලදී පර්ශව කරුවන්ගෙ බලපොරොත්තුව සහ උසවියෙ කර්‍යය වනුයේ අසදාරනයට ලක්වී ඇති පාර්ශවයට ""වන්දියක්" ලබාදීමයි මෙහිදී;
  • සිදුවූ මානසික, හින්සනයට 
  • සහ අදාල තැනත්ත අශ්‍රය කිරීම ප්‍රකට කරුනක් බැවින් ඉදිරියේදි විවාහ වීමට නොහැකි තත්වයක් ඇතිවීම සලක 
වන්ඩි ඉල්ලීම සහ ලබාදීම සිදුවෙ. 

ගෙවල් කුලී නීතිය -1

ගෙවල් කුලී මණ්ඩලය 

කුලී නිවැසියන් හා ගෙවල් හිමියන් අතර අරවුලක් හටගෙන ඇති විටක ගෙවල් කුලී මන්ඩලයට අයදුම් කල හැක ..විශෙෂයෙන්ම කුලී නිවැසියන් අසාදාරන ලෙස නිවසින් පිටමන් කලහොත් හෝ නිවස හිමියා අසාදාරණ කුලියක් අය කරයි නම් මෙම මණ්ඩලයට අයදුම් කල හැක.
.නැතහොත් ගෙවල් හිමියා කුලී නිවැසියන්ව ගෙදරින් ඉවත් කිරීමට ඔවුන්ට සපයා ඇති පහසුකම් හිතාමතා ඉවත් කරයි නම් ද මෙම මණ්ඩලයට අයදුම් කල හැක.

.ගෙවල් කුලී මණ්ඩලය පිහිටුවා ඇත්තෙ 1972/7 දරණ පනත මගිනි. මෙම පනත යටතේ ඉල්ලුම් කිරීමට අදාල නිවස මෙම පනත බලපාන ප්‍රදේශයක පිහිටා තිබිය යුතුය.

.මෙම පනත යටතේ ;
  • ;1980 හෝ ඊට පසුව සාදන ලද හෝ ඊට පසුව කුලියට දෙන ලද නිවාස 
අයත් නොවේ. එම නිස මෙම කාල වකවානුවෙන් පසු නිවාස මෙම පනතට අයත් නොවේ.

කෙසේවෙතත්; අධ්ක කුලී අයකර ගැනීම්, පොදු පහසුකම් ඉවත් කිරීම් වැනි අසාදරණ පිලිවෙත් මෙම මණ්ඩලයට පැමිනිලි කර සහනයක් ලබා ගත හැක