Thursday, August 30, 2012

විවාහය - 1

අපි කවුරුත් කවද හෝ විවාහයක් කරගන්නවා (බොහෝවිට ) විවාහය කියන්නේ දෙන්නෙකුගේ එක්වීමක් උනත් එකට නීතිමය බැදීමක් තිබිය යුතුයි එතකොට තමයි අද ලංකාවේ සමාජයේ අබුසමියන් දෙදෙනෙකුගේ එක වීම පිළිගන්නේ. පිටරටවල විවාහ නොවී එකට ජෙවත් වීම තිබුනත් ලංකාවේ එහෙම දෙයක් සමාජයෙන් පිළිගන්නේ නෑ. නමුත් නීතියෙන් එයට කිසිම තහනමක් නෑ (දෙදෙනාම අවු.18 ට වැඩිනම් )

ලංකාවේ වලංගු විවාහයක් කරගත හැකි ක්‍රම 5 කි 
  • සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පනත යටතේ විවාහ වීම 
  • උඩරට නිතිය යටතේ විවාහ වීම
  • මුස්ලිම් නිතිය යටතේ විවාහ වීම 
  • හැසිරීමෙන්, ප්‍රසිද්දියේ අඹුසැමියන් ලෙස ජිවත් වීම නිසා විවාහයන් පිළිගනිම 
  • චාරිත්රනුකුලව කරන විවාහ .
සාමාන්‍ය විවාහ 

සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විවාහ ලේකම් වරයකු හෝ ක්‍රිස්තියානි පුජකවරයකු විසින් විවාහයක් ලියාපදිංචි කරනු ලැබේ.මෙහෙදී සාක්ෂිකරුවන් දෙදෙනකු ද අත්සන් කලයුතුය .

නියමිත කාර්ය පටිපාටිය නම් .විවාහ වීමට අදාල පාර්ශවයන් විවාහයට පෙර එය අදාල විවාහ ලේඛම්වරයා වෙත දැනුම් දිය යුතුය. එය විවාහ ලේඛම් වරයා දැන්වීම පොතේ ඇතුලත් කර දින 12 එම දැන්වීම කාර්යාලයේ ප්‍රසිද්ද කල යුතුය . එම කාලය තුල බාලවයස්කරුවකු සම්බන්දයෙන් විවාහයක් නම් ,බලවයස්කරුගේ භාරකරුට මේ පිලිබදව විරිධතාවක් ඉදිරිපත් කල හැක. ඒ හැර එම කාලය තුල විරෝධතාවක් කෙවියට් තහනමක් මගින් ඉදිරිපත් කල හැක .එවැනි අවස්ථාවක විවාහ ලේකම් වරයා විසින් එම විරිධතව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

දින 12 කට පසු (විවාහ දැන්වීම ප්‍රදර්ශනය කර) විරෝධතාවක් ඉදිරිපත් නොවේ නම් විවාහ ලේඛම් වරයා විසින් විවාහ දැන්වීම දුන් තැනැත්තාට විවාහ ලේඛම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ .
විරෝධතාවයන් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එවිටද විවාහය පිළිබද දැනුම් දුන් තනතට සහතිකය නිකුත් කරනු ලැබේ.
 විවාහ ලේකම් වරයා විසින් සහතිකය නිකුත් කල පසු විවාහය ලියාපදිංචි කල හැකිය .
විවාහ ලේකම් වරයා විසින් ස්වකිය කාර්යාලයේදී හෝ වෙනත් බලයලත් ස්ථානයකදී විවාහය ලියාපදිංචි කල හැක .

ක්‍රිස්තියානු විවාහයකදී  (පල්ලියේ ) චාරිත්‍ර අවසානයේදී පුජකවරයා විසින් විවාහය ලියාපදිංචි කරයි. එම සටහනේ අනු පිටපතක් විවාහ ලේඛම් වරයා වෙත යවයි .

විශේෂ බලපත්‍රයක් මත විවාහ වීම 

මෙහිදී විවාහ ලේඛම්වරයාගේ විශේෂ අවසරයක් මත විවාහයක් සිදු කල හැක. දින 14 කට පෙර දැන්වීම භාරදෙම අවශ්‍ය නොවේ.

උඩරට නිතිය යටතේ විවාහ වීම 

1952/44 දරන උඩරට විවාහ හා දික්කසාද පනතේ උඩරට නිතිය අන්තර්ගත කර ඇත.වර්තමානයේ උඩරට විවාහයක් ලියාපදිංචි කල හැක්කේ උඩරට ප්‍රදේශ තුල පමණි. උඩරට වැසියකුට උඩරට නිතිය යටතේ හෝ සාමාන්‍ය නිතිය යටතේ විවාහ වීමට අවස්ථාවක් ඇත .

උඩරට නිතිය යටතේ විවාහ වර්ග දෙකක් ඇත :- බින්න විවාහ හා දීග විවාහ .විවාහය ලියාපදිංචි කිරීමේදී එය කුමන වර්ගයේ විවාහයක් දැයි සටහන් කෙරේ .

දීග විවාහය :- මෙහදී සැමියා බිරිදව තම නිවසට කැදවාගෙන යයි.සැමියාගේ නිවසේ විවාහක නිවාස පිහිටුවා ගනී . මෙහිදී බිරිද ගෙන ආ දෑවැද්ද සම්බන්ධයෙන් හෝ විවාහයෙන් පසුව ඇය විසින් ස්වාධීනව උපයාගත් දේ සම්බන්ධයෙන් සැමියාට බලයක් නැත. එහෙත් සැමියා මියගිය හොත් පවුලේ යහපත හා නඩත්තුව සදහා සැමියාගේ දේපල පරිහරණය හෝ පාලනය කිරීමේ අයිතිය බිරිදට ඇත.

බින්න විවාහය:- මෙහිදී සැමියා බිරිදගේ නිවසේ පදිංචි වේ .(මෙවැනි විවාහ සිදුකරන්නේ පුතුන් අඩු හා දේපල හිමි පවුල් වල දේපල පිටතට යාම වැලක් වීමටයි ) මෙහිදී බිරිදගේ නිවාස තුල සැමියාට කිසිම වරප්‍රසාදයක් හිමි නොවේ.

මුස්ලිම් ක්‍රමයට විවාහයක් සිදු කිරීම 

ඉස්ලාම් ආගම අදහන ඇය අතර මෙම විවාහ සිදු කෙරේ . 1951/13 දරන ම්මුස්ලිම් විවාහ හා දිකසද ආඥා පනත යටතේ මුස්ලිම් විවාහයක් අනිවාර්යෙන්ම ලියාපදිංචි කල යුතුය. එය කාති(quathi ) විසින් සිදු කරයි. විවාහය ලියාපදිංචි කිරීමට ප්‍රථම "නිකා" නමැති චාරිත්‍රය ඉටු කරනු ලැබේ.

මුස්ලින් නිතිය යටතේ මුස්ලිම් පුද්ගලයකුට විවාහ 4 සිදුකරගත හැක.එම වරප්‍රසාදය භුක්තිවිදිය හැක්කේ භාර්යාවන් 4 දෙනාටම එකසේ යුතුකම් ඉටුකල හැකිනම් පමණි. නමුත් මුස්ලිම් කාන්තාවකට සිදුකර ගත හැක්කේ විවාහ 1 පමණි.එයද මුස්ලිම් ජාතිකයකු හා පමණි .

මුස්ලිම් නිතිය යටතේ ලේ ඥාතීන් හා හදා-වඩා ගත ඥාතීන් අතරත් විවාහ තහනම්ය. විවාහයේදී මනාලයාගේ පාර්ශවය විසින් මනාලියට "මහාර්" නමැති දැවද්දක් දෙනු ලැබේ.

චාරිත්‍රනුකුල විවාහය 

සිංහල බෞද්ධයන් අතර පෝරුවේ චාරිත්‍රය පිළිගත් විවාහ චාරිත්‍රයකි.

තේසවලාමේ(ද්‍රවිඩ) ජාතිකයින් අතර මනාලියගේ බෙල්ලේ "තාලිය" දිම පිළිගත් චාරිත්‍රයකි .

වාසයෙන් හා සංවාසයෙන් ඇතිවන විවාහ (living together) 

විවාහයක් ලියාපදිංචි කර නැතත් පිළිගත් චාරිත්‍රනුකුලව විවාහ උත්සවයක් පවත්වා ඉන්පසු අඹුසැමියන් ලෙස ජිවත් වූ පුරුෂයකු හා ස්ත්‍රීයක අතර වලංගු විවාහයක් ඇතැයි පිළිගැනේ .

2 comments:

  1. දැන් නම් මේක ඉවර නිසා මේ නීති එච්චර ඕනෙ වෙන එකක් නෑ.. හික්..

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ නෑ බන් ... මොකක්ද ඉවර ??

      Delete